අප ගැන
අපගේ
අකුරල පුරාණ පත්තිනි දේවාලය
අකුරල පුරාණ පත්තිනි විහාරය ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ අම්බලන්ගොඩ නගරයට ආසන්නයේ පිහිටි ඓතිහාසික විහාරස්ථානයකි. ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතියේ නිර්මලකම, පාරිශුද්ධත්වය සහ ධෛර්‍යය යන ගුණාංග නිසා ගෞරවාදරයට පාත්‍ර වූ පත්තිනි දේවතාවියට මෙම විහාරස්ථානය කැප කර ඇත. මෙම විහාරය 18 වන සියවසේ පමණ උඩරට රාජධානියේ ඉදිකරන ලද අතර, සංකීර්ණ කැටයම් සහ බිත්ති සිතුවම් සහිත පුරාණ ගෘහනිර්මාණ ශෛලියකින් සමන්විත වේ. මෙම විහාරස්ථානය වාර්ෂික පෙරහැර සඳහා ද ප්‍රසිද්ධියක් උසුලන අතර එය රට වටේ සිට දහස් ගණනක් බැතිමතුන් ආකර්ෂණය කරයි. පෙරහැර අතරතුර, සම්ප්‍රදායික සංගීත හා නැටුම් සංදර්ශන සමඟින් පත්තිනි ප්‍රතිමාව උත්සවාකාරයෙන් වීදි සංචාරය කරනු ලැබේ. ශ්‍රී ලාංකීය ඉතිහාසය හා සංස්කෘතිය ගැන උනන්දුවක් දක්වන අය සහ සන්සුන් වටපිටාවක් මධ්‍යයේ අධ්‍යාත්මික සැනසීම සොයන අය සඳහා මෙම විහාරය අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථානයකි.

අපගේ
කමිටු සාමාජිකයින්

අනුශාසක
පූජ්‍ය නාරං ඕවිට ආනන්ද තිස්ස හිමි

අනුශාසක
නන්දිමිත්තජි ද සොයිසා මහතා

අනුශාසක
ගංගා සුදර්ශනී මහත්මිය

කපු මහත්තයා
එච්. ජී. මෙන්ඩිස් මහතා

සභාපති
එච්. පියසිරි මෙන්ඩිස් මහතා

ලේකම්
එච්. කමල්සිරි මෙන්ඩිස් මහතා

භාණ්ඩාගාරික
ඩබ්ලිව්. සුමිත් රෝහණ ද සිල්වා

සාදරයෙන් පිළිගනිමු
අපේ කණ්ඩායම

පළමු පේළිය ( වමේ සිට දකුණට ) –
එච්. ජී. මෙන්ඩිස් කපු මහතා , පූජ්‍ය නාරං ඕවිට ආනන්ද තිස්ස හිමි
දෙවැනි පේළිය ( වමේ සිට දකුණට ) –
එච්. චමින්ද ජයශාන්ත මහතා, ඒ. සුසිල් කුමාර මහතා, එල්. ලලන්ත හේමාල් කනකරත්න මහතා, ඩබ්ලිව්. සුමිත් රෝහණ ද සිල්වා මහතා, එච්. පියසිරි මෙන්ඩිස් මහතා, එච්. කමල්සිරි මෙන්ඩිස් මහතා, එම්. නිමල් සුසන්ත මහතා, ඒ.එච්. ලාල්සිරි ද සිල්වා මහතා, ටී. නන්දන ද සිල්වා මහතා
3 වන පේළිය (වමේ සිට දකුණට) –
එච්.අජිත් රෝහණ මහතා, ටී.ජනත්සිරි ද සිල්වා මහතා, ඩී.එස්.ආනන්ද කුමාර මෙන්ඩිස් මහතා, ජී.ට්‍රික්ට්ලි ප්‍රසාද් ජයවර්ධන මහතා, නදුන් රෝහිත මහතා, කේ.කේ.කපිල කුමාර මහතා, පී.එල්. අමල් ද සිල්වා මහතා, ජනක ප්‍රසාද් මහතා, සසින්ත දීපාල් කනකරත්න මහතා
අන් අය –
එච්.නලින්ද ජයශාන්ත මහතා, හරින්ද ජයශාන්ත මහතා, අසන්ත දීපාල් කනකරත්න මහතා, එල්.මංජුල ප්‍රසාද් ද සිල්වා මහතා, ගයාන් රංජුල ද සිල්වා මහතා, චන්දිම ප්‍රසාද් මහතා, ආර්.එස්. කුමාර ද සොයිසා මහතා, ඩී. ලාල්සේන ද සිල්වා මහතා, සුජිත් ප්‍රියනාත් මහතා, එම්.සී.පී. පියවන්ත මහතා, ආර්. ජීවන් ද සොයිසා මහතා
අපගේ
පැරණි කමිටු සාමාජිකයන්
පසුව එම කුඩා කුටිය මැටියෙන් තැනූ තරමක කුටියකට ගෙන යාතිකා කිරීම් ද ආරම්භ කරන ලදී. එහි මුල්ම කවි යාතිකා කළේ මණික්කුවාහන්දි යයිනිස් කපු ඥාතිවරයායි. එතුමා වසර කීපයකින් පසු මිය ගියහ.
සීනි කපු ජයතිලක ඥාතිවරයාය. එතුමා ගම්මඩු යාග පැවැත්වීම ආරම්භ කරන ලදි. ඒ මෙයට වසර 95 කට පමණ පෙර ය.
එහි මුල් පාලන සංවිධාන ගෙන කටයුතු කර ඇත්තේ හල්ජෝති සඟෝරිස් මුත්තණු හා රන්මිණි එන්දොරිස් සිල්වා ඥාතිවරයා. ඒ දෙපළ විසින් පොරපොල් ගැසීම වෙනුවට භාවිතා කර ඇත්තේ අං ඇදීමයි. ඒ සඳහා භාවිතා කළ අං අප මෑතක වනතුරු ඒ දෙපළගේ නිවෙස් වල ආරක්ෂා සහිතව තිබූ බව මාද දනිමි.
උඩු පිල යටි පිල වශයෙන් සිදු කෙරෙන අං ඇදීම, කැඩුන අං පිල පරාද පිල වශයෙනුත්, නොකැඩුණ අං පිල දිනුම් පිල වශයෙනුත්, භාර ගෙන හෝයියා යන හෑලි දේශනය කරමින් දේවාශිර්වාද පැතේ.
සීනි කපු ජයතිලක තුමා ගම්මඩු යාග පවත්වද්දී 14 වැනි වියේ පසු වුන තම පුත්‍රයා වූ එච්.ජයතිලක මහතා ප්‍රථම මංගල මඩු බැසීම කළේ ද මේ ස්ථානයේය. තම පියාගේ අභාවයෙන් පසු තුන්වැනි කපු පත්තිනි සේවයේ කටයුතු කළේ එච් ජයතිලක ඥාතිවරයාය.
එතුමා වසර හැට අටක් ගම්මඩු යාග පැවැත්වූ අතර 92 වසරක් ආයු වළඳා අප අතරින් වියෝ වූහ. ඒ 1995 වසරේදීය.
එතුමා මිය යාමට පෙර පියා සමඟ වූ ගම්මඩු දේව පූජාවන් වලදී එහි භාරකාරත්වය හා සංවිධානත්වය කරගෙන ගියේ අකුරල ඩේවිඩ් ගැගරි ද සොයිසා ඥාතිවරයාද, රම්මිණි අරාලිස් ධර්මවික්‍රම ඥාතිවරයා හා දෙනෙත්ති කරළියෙස් සිල්වා යන ඥාතිවරයාය.
ඉන් පසු කාලවලදී දේව පූජා පැවැත්වූයේ,
ඩබ්ලිව් අවුටින් ද සිල්වා මහතා,
ඩබ්ලිව් එරන්ද ද සිල්වා මහතා,
හඳුන්නෙත්ති කළු සිඤ්ඤො මැන්දිස් මහතා,
මෙරෙඤ්ඤ සයිමන් සිල්වා මහතා,
හඳුන්නෙත්ති මීටින් මැන්දිස් මහතා,
අගම්පොඩි නැණසේන ද සිල්වා මහතා,
අගම්පොඩි ලීඩින් ද සිල්වා මහතා,
රන්නුළු ගුණපාල ද සොයිසා මහතා,
යන ඥාතිවරුන්ය.
ඒ හැර දැනට ගම්මඩු පූජා උත්සව පවත්වාගෙන නව දේවාල කමිටුව විසින්ද මහඟු සේවාවන් රැසක් සිදු කර දේවාලය රැක ඇත. තවද මේ දේවාලයේ යාග හෝම ශාන්ති පවත්වමින් ගම්පැලැස්සට සේවයක් කරමින් එච්. ජී. මෙන්ඩිස් ( පොඩි කපු පත්තිනි ඥාතිවරයා), දේවාලයේ භාරකාරත්වය ගෙන කටයුතු කරති. එසේම මෙම දේවාලයේ ගම්මඩු යාග පවත්වා දේව මහා දානයක්ද පවත්වති. දහස් ගණන් ජනතාව ඇතුළු ළමා ලපටින්ට පේබත්, කිරිබත්, බත්, වයංජන සමඟ දානය පිරිනමන එකම ස්ථානය මෙය වේ.
එසේම මෙම දේවාලයේ අතිරේක පේබත් දානමය කටයුතු කළ හදිසියේ මියගිය දේව බැතිමතෙකු වූ අඹවලගේ නිමල් සෝමසිරි ඥාතියාට නිවන් සුව පතමු.
පත්තිනි දේව මාතාව සීනිගම වෙරළේ මැවූ ගිනි වැට හත සීනිගමට ගොඩ බැසීමට එන පිරිවර කවුදෝ යන සැක සහිත නිසා, සැක සහිත අයට ඒමට නොහැකි වන ලෙස ගිනි වැට මවා ඇත.
ඒ හැර තම සහෝදරයන් නම් ඔවුන් හත් දෙනාට තමන් ඉන්නා තොටුපොල දැනගැනීම සඳහා ගිනි වැට හත මැව්වා යැයිද පිළිගත හැක.
“දයාලු සංතෘෂ්ටියෙන් සිත – සමාධි කරගෙන විටින් විට
සදාලු තම සොයුරු සත් කට්ටුවට – රන් ඔරුවලින් එන් නට
මවාලූ ගිනි වැට හතෙන් තම -වෙසෙන තොටුපළ බැහැ දකින් නට
වදාළු සක් දෙවිඳු වරමින් – වරන් දුනි, පති දෙවි ළඳුන් හට”
ඒ බව පුරාණයේ සඳහන් ඉහත කවියෙන්ද සඳහන්වේ.
සීනිගමට ගොඩබැසී මේ දෙවොල් සත් කට්ටුව ලක් දිව් තලයේ එක් එක් දිශාවල වැඩසිට ඇත.