ඉතිහාසය

  • කරන්දෙනිය පත්තිනි දේව ගුණසේන මහතා

  • රත්ගම පී. එච් ලයනල් ද සිල්වා මහතා

  • රත්ගම ඇම්.ඩි ධනපාල මහතා

  • වේරගොඩ රංජිත් ගුණසේකර මහතා

  • බටපොල පේදුරු හේවා ගුණසේන මහතා

  • කළුපේ එස් පවරසිරි ද සිල්වා මහතා

  • අකුරළ සැන්ටන් ජයරත්න මහතා

  • කුලීගොඩ ඩබ්ලිව්  පි. ජී. ඒ.  කරුණාසේන මහතා

  • වෑවල මුණසිංහ මහතා 

  • අකුරළ ඩී. තිලක් සුමේධ මැන්ඩිස් මහතා 

  • වේනමුල්ල ටියුඩර් සිරිවංශ මහතා

  • අළුත්ගම මොහොමඩ් මහරුප් මහතා

  • බූස්ස අරුණ චන්ද්‍රා කාන්ත මහතා

  • නෙළුව අමිතා පත්මිණි මහත්මිය

  • අකුරල විජේකෝන් මුදියන්සේලාගේ සන්ධ්‍යා විජේකෝන් මහත්මිය 

  • කන්දෙගොඩ ඩබ්ලිව් රන්ජිත් ද සිල්වා මහතා

  • අකුරල ඇම් අනිල් ද සිල්වා මහතා

    යන මහත්ම මහත්මීන්ය.

ඉහත සඳහන් අප අතරින්කී පදෙනෙකු අපෙන් වියෝව මියගොස් ඇත. ඒ අයට නිවන් සුව පතනා අතර අප ඇසුරේ පසුවෙන සෙසු හැමට උපහාරාත්මක යස ඉසුරෙන් හා දිඝායූ සම්පත් ලබා දිනේවායි සුපතමු.

මෙහි පළවිය යුතු නම් අතහැරීමෙන් හෝ නම් වල අඩුපාඩුකම් හෝ සිදුවී ඇත්නම් ඒ ගැන සමාවෙන්න.

Goddess-Pattini-Akurala-Ancient-Paththini-Temple

පත්තිනි දේව මාතාවගේ සංසාර ගමන

ඉරු සඳු දෙදෙනා ප්‍රධාන ග්‍රහ මණ්ඩලයේ හා තාරකාවන්ගේ ද, සදෙව් ලෝකවාසී සක්දෙව් ප්‍රධාන දෙවි දේවතාවුන් වහන්සේලාගේ ද, බඹ ලෝ තල වැසි මහා බඹුන් ප්‍රධාන බඹ දේවතාවන් වහන්සේලාගේද, යක්ෂ රාක්ෂ මනුෂ්‍ය ආදීන්ගෙන්ද, වන්දනීය වූ, පූජනීය රහතුන් වහන්සේලාගේ හා මහා සංඝරත්නයේ ද පූජාච පූජනීය වූ “කකුසඳ” බුදුන් දවස චීවර කඨින වස්තු දිගින් දිගටම පූජා කිරීමෙන් ද, “කෝණාගම” බුදුන් දවස කඨින චීවර පිණ්ඩපාත පූජා දිගින් දිගටම පූජා කිරීමෙන් ද “කාශ්‍යප” බුදුන් දවස කඨින චීවර පිණ්ඩපාත සේනාසන පූජා දිගින් දිගටම පූජා කිරීමෙන් ද, “ගෞතම” බුදුන් දවස කඨින චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්ච යන සිව්පසෙන් පූජා දිගින් දිගටම පූජා කිරීමෙන් ද “පත්තිනි” දේව මාතාව නමින් වරං ලැබූ “ගෞතම” බුදුන් දවස ලක් දිව්‍ තලයට “සීනිගම” තොටින් වැඩම කර ඇත.

නෑදෑ සබඳතාවන්

එතුමියට සහෝදරයින් සත් දෙනෙකි. ඒ දෙවොල් දෙව්  සත්කට්ටුව නමින් හැඳින්වේ. දෙවොල් සත් කට්ටුවෙහි වැඩිමහල් සහෝදරිය පත්තිනි දේව මාතාය.

පෙරුම් පුරමින් කඨින දානය පුදා වැඳ 

                                                                      කකුසඳ බුදුන්                  හට

නුඹ ය පත්තිනි දෙවිඳු වෙන කල අපි 

                                                         දෙවොල් දෙව් වෙලා  එක                 ලට

නුඹ ද අක්කේ සිටින තැනකට අපිත් එන්නම් 

                                                                     ගිරි තලෙහි                     සිට

වරං දීපුව එසක් දෙවියෝ පතිනි  දෙවිඳුය 

                                                                       තොට පෙනෙන්              නට

සීනිගම තොට යැයි එතුමිය එහි මන්දිරයක් මවා ගෙන විසූ බව එම කවියෙන් හැඟේ.

ලක් බිමට පැමිණීම

එදා ගෞතම බුදුන් දවස උන්වහන්සේට උපකාරී වූ ජය ශ්‍රී මහා  බෝ ගසේ  බීජ කීපයක් දායාද සම්පත් ලෙස ගෙනවිත් රුහුණු, මායා, පිහිටි, ත්‍රී සිංහලද්වීපයේ රෝපණයට භාජනය කර ඇත. ඒවායින් හොඳින් වැඩී ගියේ අකුරළ යැයි නම් කෙරෙන පොරණ  බෝ ගහ පිටිය නමින් හැඳින්වෙන, ඔප්පු තිරප්පු වල පවා දැක්වෙන, බිම් තලාවෙහිය.

එම බෝධිය වැඳුම් පිදුම් කිරීම අනිවාර්ය කොට ගත් එතුමිය දැඩි ස්නේහය අනුව ජීවිත පරිත්‍යාග කළ නොහැකි නිසා රං වළලු යුගලක් නොහොත් දෑතේ රන් ගිගිරි සලං යුගලක් ගලවා බෝධි පාද මූලයේ නිදන් කරන්න ඇතැයි සිතිය හැක. මෙම බෝ රුක් බීජයකින් අභිනවාරාමය ඉදිරිපිට වත්තේ පැලවී ගිය  බෝ රුකක් ද වසර 300ක් පමණ වැඩ සිට විනාශයට පත් විය. එම බෝ රුකේ මාතෘ රුක වූ පත්තිනි දේවාල බිමේ වැඩුණ බෝ රුක බුද්ධ වර්ෂ 1610 ක් පමණ වන තෙක් වැඩ සිට, අනිත්‍ය ධර්මතාවය අනුව විනාශයට පත් වී, දැව කඳ දිරා පොළොවට පස් වෙන්න ඇත.

Goddess Pattini - img_2 - Akurala Ancient Pattini Temple

කුඹුක් ගස

දැනට අකුරළ අභිනවාරාම විහාරස්ථානයේ බෝ මළුව අසල ඇති කුඹුක් ගසත් පත්තිනි දේවාල භූමියේ ඇති බක්මී  ගසත් මගේ මුල් දැකීමේ පටන් සිතන විටදී ඉහත කී කුඹුක් ගස පුවක් කඳට වඩා මහත්ව තිබුණේ නැත. එම කුඹුක් ගස දැනට බක්මී ගසට සමානව උස් වී ඇත. 

එම කුඹුක් ගසේ වයස් සීමාව සාමාන්‍යයෙන් දැනට වසර 90 ක්  පමණ වේ. එසේ නම් බක්මී ගසේ වයස ඉහත සඳහන් ගස මෙන් දස ගුණයකින් පමණ වයසින් වැඩි විය යුතුය.

Auxiliary-Bakini-Tree-Akurala-Ancient-Pattini-Temple

පැරැණි බක් මී ගස

එතුමියට බෝධිය වැඳ පුදා ගැනීම සඳහා මැවුණු ගෘහ ස්ථානය ලෙස හඳුනාගැනීම සඳහා බක් මී පැළයක් හෝ බක් මී කෝටුවක් සංකේතයක් ලෙස සිටුවන්නට හෝ අධිෂ්ඨාන බලෙන් පැළ වීමක්  වූවා යැයි සිතිය හැක. එය බෝ රුකේ  ඇවෑමෙන් පසුව යැයි හැඟේ.

වේරගොඩ දේවොලේ එවකට සිටවූවා යැයි කියවෙන සෝරු ලීය පැළවී මේ දක්වාම රිකිළි ලමින් පැන නැගේනම් බක් මී වෘක්ෂය ගැන ද සැක සිතීමට නොහැක. උසින් අඩි පනහකට වැඩි, වට අඩි දොළහක් පමණ වූ ගසකි. කෙසේ වෙතත් මා දුටු මගේ මුළු ජිවිත කාලයේදීත් මේ බක්මී ගසේ උස මහත් වෙනසක් නැත. මෙම ගස වසර නමසීයකට වඩා පැරණි බව පිළිගත යුතුව ඇත.

බෝධි මුල පාමුල නිදන් කලා  යැයි හැඟෙන රන් සලං යුවල හමුවී ඇත්තේ මෙසේය. එනම් තුසෙව්වා හන්දි පරපුරේ මුල් මුත්තණුවක් පැරණි බෝ වෘක්ෂ රාජයාගේ අනිත්‍ය ධර්මතාවයේ විනාශයෙන් වසර 350 කින්  පමණ පසු වගාවක් සඳහා බිම් කොටන අවස්ථාවකදී උදලු පස් තලය සමඟ මෙය ගොඩට විත්  ඇත. එය පත්තිනි දේව මාතාවගේ යැයි පිළිගත් එතුමා මැටියෙන් කුඩා කුටියක ඒවා තැන්පත් කර පුද පූජා කරමින් වතාවත් කොට ඇත.

කෙමෙන් කෙමෙන් පරම්පරාවෙන් පරම්පරාවට පුද සත්කාර කර ගෙන ආ සලං යුවල මෑත භාගයේදී ඒ මුත්තණුවකගේ බිරිඳක් වූ දේව යාලිස් හාමි උපාසිකා මාතාව විසින් රැක බලා කිරි දානය පවත්වා ඇත.

රන් සලං හමු වීම

උපකාරී ළිඳ

ළිඳ ගැනද කෙටි හැඳින්වීමක් කරමි. අප ගමේ අධිකරණ හා අනු නාහිමිපාණන් ලෙස වැඩ උන් විමලතිස්ස නාහිමියන් ද චාර්ලිස්  සෙනෙවිරත්න ඥාතිවරයාද, ඇමතිවරයෙකුව සිටි ඇම්. පී. සොයිසා ඥාතිවරයාද 10 හැවිරිදි  ළමා වියේදී පොල් කටු වලින් හෑරූ ලිං පොඩිය වේ. එම ළිඳෙන් මහා දාන වාර වලදී දහස් ගණන් ජනයා වතුර පානය කළත් වැඩවලට යෙදුවත් අඩුවක් හෝ නරක්වීමක් සිදු නොවෙයි. ජල පද්ධතිය ඒමට පෙරදී සිට බොහෝ ගම්වැසියන් බීමට ජලය ලබා ගත්තේ මේ ළිදෙන්ය. පසුගිය සුනාමි රළයෙන්ද මේ ළිඳ පිරුණද එක්වර ඉසීමෙන් පසු පෙරසේ පිරිසුදු විය. ඒ පත්තිනි දේව මාතාවගේ භූමි ස්පර්ශ බලයම නිසාය.

Old-well-Akurala-Ancient-Paththini-Temple

අකුරළ

“පත්තිනි දේවාලයේ” වසරින් වසර අඛණ්ඩව පවත්වාගෙන යන ගම්මඩු ශාන්තිකර්ම යාගයේ සහ දේව දානමය කටයුතු ආරම්භ වනුයේ මෙසේය. 

සුභ නැකැත් අනුව දේවාලයේ කන්නලව් යාඥා කොට පුද පූජා පවත්වා බක්මී බුමාට දෙවියන්ට පුද පූජා පවත්වා හර සර පෙළහරකින් කපුතුමන්ගේ ආශිර්වාද ස්තෝත්‍ර යාග ශාන්ති කර්ම පවත්වමින් දේවාලයට ගෙනවිත් සිටුවති. එය සිටුවීමේ දින සිට ඉදිරි පසළොස්වක පොහෝ දිනෙන් නිමවේ. පොහෝ දිනට දෙදිනකට පෙර යහන් බඳියි. 

පොහෝ දිනට පෙර රාත්‍රියේ කිරිබත් දානයක්ද පවත්වා යහන් බැඳීම සිදුකර ඇති යාග මන්දිරයට හලං වඩමවා යාග පවත්වති. එහි අංග නම්,

පත්තිනි නැටුම, තෙල්මෙ  නැටුම, බඹර නැටුම, වාහල නැටුම, ගරා නැටුම, ගිනි පෑගීම, අබ විඳීම ආදී ශාන්ති කර්ම යාග රැසකි. අනතුරුව බුද්ධ පූජා හා දේවපූජා පවත්වා දේව බැතියන් වෙත දේවදානය  වැළඳීමට සලස්වා, හලං හලා සෙත් පතා පොර පොල් ගැසීමේ අවස්ථාවෙන් පසු උත්සවය නිමාවට පත්වෙයි. මෙම පත්තිනි දේවාලය හා එහි පැවැත්වෙන ගම්මඩු  ශාන්ති යාගයද දානමය කටයුතුද සිදුවෙන අයුරු ලෝක ප්‍රසිද්ධ වන බව අමුතුවෙන් කිව යුතු නැත. අඹෙන්, මලෙන්, පින් බිංදුවෙන් ආශ්චර්යව උපන් පත්තිනි දේව මාතාවගේ පිහිට ඔබට ලැබේවා! මෙම දේවාලයේ පෙරහැරවල් කීපයක් ද පවත්වා ඇත.

ගම්බද උවදුරු ලෙඩ රෝග තදින් පැතිරී ගිය  අවස්ථාවලදී පේළීයෑමේ පුරාණ සිරිතක් පැවතුණි. එය ආරම්භ වන්නේ රාත්‍රී මධ්‍යහ්නයෙන් පසුවය.

එයට ගිනිහුළු, වතු පන්දම් බෙර,  ටින් ආදී උපයෝගී කරගෙන, යක්ෂ භූත ඇඳුම්වලින් සැරසී ගමන් ගත්තෝද   වෙති.එළි දල්වාගෙන ශබ්ද හඬ පතුරුවමින් නැටුම් විලාශ දක්වමින් යන මේ පේළි පෙළහර මව්වරුන් විසින් ළමා ලපටින්ට බලන්න ඉඩ නොදී ඔවුන් ගෙට දමා දොරවල් වසා ගනී. 

ඒ උවදුරු යක්ෂයෝ ගෙට වැදී දරුවන් ලෙඩ කලැයි මව්වරුන්ගේ හැඟීම් වූවාය. ඉන් ගම්පැලැස්සට සෙත් ශාන්ති ගෙන දේ. 

මෙම පේළියාමේ සංවිධායක වරයා වූයේ වූයේ අංගම්පොඩි අසනේරිස් ද සිල්වා මුත්තණුවන්ය. මේ පෙළහර මා අසා ඇති අන්දමට දෙවරක් පවත්වා ඇත. මව් මමත් ගෙට  දමා දොර වැසූවත් කෙසේ හෝ කවුළුවකින් එක් වරක් නැරඹුවෙමි. ගමේ උවදුරු ඇති වූ විටදී එවැනි පෙළහැරවල් පැවැත්වීමට සුදුසු බව පවසමි. වයස් තේරීමක් නොකොට තුන්වැනි වරටත් පේළි යෑමේ පෙරහර පවත්වා ඇත.

පත්තිනි දේවාලයේ පේළි යෑමේ පෙළහර

පත්තිනි දේවාලයේ අඹා ඇති දේව පිළිම

දේවාලය තුළ ඇති පත්තිනි දේවමාතා පිළිරුව වයස 85ක් පමණ මේ වන විට ලබා ඇත ඒ දෙවන අදියරේ දේවාල උත්සව සංවිධායක ඥාතීන් විසින් අඹන ලද්දකි. 

ඒ හැර එහි වැඩ සිටින විෂ්ණු, කතරගම, නාථ, සමන්, හා ගම්භාර, සූනියම් ආදිය ගොඩනගන ලද්දේ නැනසේන ද සිල්වා ඥාතිවරයාගේ සංවිධාන කාලයේ බව සඳහන් කරමි. 

ඒ හැර දේවාලය ඇතුළු අනිත් ගොඩනැගිලි, ආවරණ තාප්ප, විදුලි පද්ධති, ගස් කොළන්  ආදිය ගැන දන්නා නිසා ඒවා ගැන හැඳින්වීමක් නොකිරීම ගැන දේවාල බැතිමත් සුදීහූ කමත්වා.

සිහිපත් කරමු

අකුරළ පත්තිනි දේවාලයේ මේ දක්වා කටයුතුවල යෙදුණේ බොහෝය. සංවිධායක මණ්ඩලයද බොහෝය. ගම්මඩු දානමය කටයුතු සඳහා නන් අයුරින් ආධාර දුන්නෝද බොහෝය. කපු පත්තිනි තේමා වල යෙදුනෝද බොහෝය. යෙදෙන්නෝද බොහෝය. මින් ජීවතුන් අතර නැති අප හැම සංවේගයට පත් කළ සෑම ඥාතීන් දේවත්වය ලබා නිවන් දකිත්වායි පතමු. එසේම අප අතර සිටින්නා වූ සියලු දෙනාට නිදුක් නිරෝගී භාවය ලැබේවායි පතනෙමු.